නිමල යනු බුදු දහම පදනම් කරගත් පුද්ගල සංවර්ධනය ඇතිකර ගැනීමට ගන්නා උත්සාහයක්, එසේ සංවර්ධනය වන පුද්ගලයින්ගේ සාමූහික ප්රයත්නයෙන් ඵලවත් රටක් ගොඩනැඟීමට ගන්නා උත්සාහයක්, ඊට එක්වන පුද්ගල, ආයතන සහ ව්‍යාපාර එකමුතුවක්, ජනතා ව්‍යාපාරයක්, දේශපාලන ප්‍රවාහයක් සහ ඒ අනුසාරයෙන් මතු උපදින පුද්ගලයින්ගේ යහපත වෙනුවෙන් බුදු දහමේ චිරස්ථිතිය ස්ථාපිත කිරීමේ ප්රයත්නයක් වේ.
පුද්ගල සංවර්ධනය ප්‍රමුඛස්ථානයේ තබන අප පුද්ගලයින්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම විය යුතු බව විශ්වාස කරමු; ඊට අනුරූප ලෙස ජීවිතය හැඩගසා ගැනීම වඩාත්ම ඵලදායී ජීවිතයකට හේතු වන බව විශ්වාස කරමු; එසේ වූ පුද්ගලයින්ගේ සාමූහික ප්රයත්නයෙන් ගොඩනඟනා රටක් එම පුද්ගලයින්ටත් අන් අයටත් මතු මත්තට උපකාර ලබා දෙන ක්ෂේම භූමියක් වන බව විශ්වාස කරමු.
ආධ්‍යාත්මික සහ භෞතික දියුණුවෙන් පොහොසත් පුද්ගලයින්ගෙන් පිරි රටක් ගොඩනඟා ගැනීමේ ප්රයත්නයේදී රාජ්‍ය පාලනය අතහැර දමා ලැබිය හැකි දියුණුව සීමිත බැවින් අපගේ ප්රමුඛ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා බුදු දහම අනුව ගමන් ගන්නා යහපත් දේශපාලන ප්‍රවාහයක් ගොඩනඟා ගැනීමේ උවමනාව ද අපි දකිමු. ඒ වෙනුවෙන් අපි කටයුතු කරමු.
නිමල යන්නෙහි අර්ථය නිර්මල, මල රහිත, පිරිසිදු යන්නයි.
ඔබේ අදහස් අපේ අදහස් හා සැසඳේ නම් අප සමඟ එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරමු!